Pages

ජීවන සංසාරයෙන් බිදක්‌...

Tuesday, August 30, 2011

සතුට,ආදරය,දුක හා මරනය

සතුට 

බලාපොරොත්තූවක්‌ විතරයි
සැබවින්ම කෙදිනකවත් නොලබන......

ආදරය

පාඩමක්‌ විතරයි කිසිවෙකුට
ආදරය නොකරන බවට තමන්ට හැර.................

දුක

දැන ගැනිමට පමණයි හැමදෙයකම
පසු පස ඇති එකම දෙය.............

මරණය

විවෙකයක්‌ විතරයි සුලු මොහොතකට
දිව යන ඇවිදින මතකයට............



තනිකම..........


ඔන්න ඉතින් මම සුබ මොහොතින් මගේ පලමු ලිපිය දැම්මා.සමහර විට මේ ලිපියේ අඩු පඩුත් ඇති,මොනවා කරන්නද මේක මගේ පලවෙනි ලිපියනේ.ඉස්‌සරහට අඩු පාඩු හදගන්න බලනවා.ඉතින් මම මුලින්ම දාන ලිපිය තනිකම ගැන.කාටහරි ජිවිතේ තනිකම දැනිලා තියනවද.ජිවිතේ එපා වෙනවා නේද .මොකද මම ජිවිතේ තනිවුනු කෙනෙක්‌ හැටියට තනිකම ගැන හොඳට දන්නවා.තනිවුනහම  ගොඩක්‌ මිනිස්‌සු පුදුම විදිහට අසරණ වෙනවා.මම හිතන විදිහට අපිට කවදාවත් තනියම ජිවත් වෙන්න බෑ.සමහරු නම් කියනවා මුලු ජිවිතේම තනියෙන් ජිවත් වෙනවා කියලා.මොන පට්‌ට පල් බොරුවක්‌ද.එකාට එකා කොයිතරම් වෙනස්‌ වුනත්,ඔය හැමොම කැමති එකට ජිවත් වෙන්න.සැප දුක කවුරු හරි එක්‌ක බෙදා ගන්න.ඒ ඇයි කියලා දන්නවද, මොකද අපි හැමෝම "මිනිස්‌සු" නිසා.

Monday, August 29, 2011

ආයුබෝවන්...!

                                                        ඔන්න ඉතින් මත් බ්ලොග් ලියන්න පටන් ගත්තා.මාත් අවුරුදු ගානක ඉඳලා ලොකු ආසාවකින් හිටියෙ බ්ලොග් ලියන්න.මම හිතනවා අද මගේ හීනයක්‌ හැබැ වුනා කියලා.මම මේ බ්ලොග් එකෙන් මගේ ජිවිතයේ සතුටු හා දුක්‌ වුනු තැන් ඔයාලත් එක්‌ක බෙදා ගන්න හිතුවා.

මටත් ඉතින් බ්ලොග් ලියන්න අවසර ද?