Pages

ජීවන සංසාරයෙන් බිදක්‌...

Sunday, September 4, 2011

බ්ලොග් ලියන සහොදර වරුනි මට ලොකු උදවුවක් කරන්න පුලුවන් ද?




                                                               අද දවස තමයි මේ අවුරුද්දට ගෙවන ජරාම දවස.මම සුපුරුදු පරිදි Facebook යන්න ගියා,එත් දැක්ක දෙයෙන් මම ඩිම් උනා.මම පණටත් වඩා ආදරය කරපු මගේ Facebook account එක disabled කරලා.ඒ අයි කියල නම් මට තෙරෙන්නෙ නෑ.අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට මගේ Facebook account එක නැවත සක්‍රිය කරගන්න විදහ කියලා දෙනව ද?.ඔයාලට පින්

Friday, September 2, 2011

කොන්ඩය කලර් කරන්නේ කොහොමද ?


                                                  ගොඩක් අය ආසායි ලස්සනට ඉන්න.ලස්සනට ඉන්න තරුන අය එක එක දේවල් කරනවා.ඒ අතර ජනප්‍රියම අන්ගයක් කොන්ඩය කලර් කිරීම.මේකට අද තරුන අය ගොඩක් වියදම් කරනවා.මම අද කියල දෙන්න යන්නෙ ගෙදරදීම කොන්ඩය කලර් කරන්නෙ කොහොමද කියලා.

වුවමනා කරන දේවල්

  • කලර් ඩිවලප් -  Color Developer
  • කලර් ක්‍රිම් - Color Cream
  • බොන්ඩ ජෙල්
  • පොෆයිල් කොල 
කරන අකාරය


                       
                                                   කලර් ක්‍රිම් හා කලර් ඩිවලප් එක සම සමව ගෙන මිස්‍ර කර පොෆයිල් කොලය කෙස් යටින් තබා සදා ගත් මිස්‍රනය ගාගන්න.ඉන් පසු පොෆයිල් කොලය දෙපැත්තෙන් තබා කිලිප් කර ගන්න.කෙස් කලර් කිරීම හා වෙනත් කලර් එකක් කිරිම සදහා අවසානයෙදි තැබිය යුතු වෙලාව වන්නෙ විනාඩි 45 කි.විනඩි 45 න් පසුව ​සැන්පු දමා සොදා හරින්න.


   
කලර් ඩිවලප් එකේ ප්‍රතිසතය



  • ලා පාට සදහා 6%
  • සාමාන්‍ය පාට සදහා 9%
  • තද පාටක් සදහා 12%

Thursday, September 1, 2011

ඇත්තම යාලුවෝ කියන්නෙ කවුද?




ජීවිතය නැමති චාරිකාවේ
ඔයාට හමුවෙන මිනිස්‌සු............
ඔයාගෙන් ගොඩක්‌ දේවල් බලාපොරොත්තු වෙනවා
නමුත්.......
සමහර මෝඩයෝ
ඔයාගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ
ඒ මොකද දන්නවද
එයාලා තමයි ඔයාගේ
ඇත්තම යාලුවෝ....................!


                                                                            යාලුවෝ කියන්නෙ අපේ ජීවිතයට වඩාත්ම සමීප අය.අපේ ජීවිතයට ගොඩක්‌ යාලුවෝ සමීප වෙන්නෙ පාසල් කාලයේදි.සමහර වෙලාවට අපිට අම්මා තාත්තටත් කියන්න බැරි දේවල අපි අපේ යාලුවන්ට කියනවා.අපිට යාලුවන්ට කියන්න බැරි දේකුත් නෑ.කෙල්ලෙක්‌ එක්‌ක යාලු වුනත්, කෙල්ල බූට්‌ එක තිබ්බත් මුලින්ම අපි කියන්නෙ යාලුවන්ට.මෙතනදි යාලුකමට ගැහැනු පිරිමි බේදයක්‌ නැ,අපේ යාලුවෝ ගැහැනු අය වෙන්නත් පුලුවන් පිරිමි අය වෙන්නත් පුලුවන්.ඒත් ඔය අතරේ යාලුවෝ වගේ අපේ ජීවිතයට නරක කරන පිරිසකුත් ඉන්නවා .ඒ අය හැම වෙලාවේම කරන්නෙ අපිට වල කපන එක.එහෙම යාලුවෝ අපේ සතුටේදි ඉදලා දුකේදි පැනලා යනවා.Facebook එකෙත් ඒ වගේ අය ඉන්නවා.හැබැයි හැමෝම ඒ වගේ නැ,ටික දෙනෙක්‌ තමා.එහෙම යාලුවන්ට කොහොම පන දීගේන හිටියත් වැඩක්‌ නෑ.ඒත් අපි දැනගන්න ඔනි හොඳ යාලුවොයි නරක යාලුවොයි අදුර ගන්න.යාලුකමක්‌ ඇති කරගන්න ඉස්‌සෙල්ලා අපි දෙපාරක්‌ හිතන්න ඔනි.මොකද මට යාලුවන් නිසා ලැබුනු දේවල් පොඩ්ඩයි අහිමි වුනු දේවල් ගොඩයි.

Tuesday, August 30, 2011

සතුට,ආදරය,දුක හා මරනය

සතුට 

බලාපොරොත්තූවක්‌ විතරයි
සැබවින්ම කෙදිනකවත් නොලබන......

ආදරය

පාඩමක්‌ විතරයි කිසිවෙකුට
ආදරය නොකරන බවට තමන්ට හැර.................

දුක

දැන ගැනිමට පමණයි හැමදෙයකම
පසු පස ඇති එකම දෙය.............

මරණය

විවෙකයක්‌ විතරයි සුලු මොහොතකට
දිව යන ඇවිදින මතකයට............



තනිකම..........


ඔන්න ඉතින් මම සුබ මොහොතින් මගේ පලමු ලිපිය දැම්මා.සමහර විට මේ ලිපියේ අඩු පඩුත් ඇති,මොනවා කරන්නද මේක මගේ පලවෙනි ලිපියනේ.ඉස්‌සරහට අඩු පාඩු හදගන්න බලනවා.ඉතින් මම මුලින්ම දාන ලිපිය තනිකම ගැන.කාටහරි ජිවිතේ තනිකම දැනිලා තියනවද.ජිවිතේ එපා වෙනවා නේද .මොකද මම ජිවිතේ තනිවුනු කෙනෙක්‌ හැටියට තනිකම ගැන හොඳට දන්නවා.තනිවුනහම  ගොඩක්‌ මිනිස්‌සු පුදුම විදිහට අසරණ වෙනවා.මම හිතන විදිහට අපිට කවදාවත් තනියම ජිවත් වෙන්න බෑ.සමහරු නම් කියනවා මුලු ජිවිතේම තනියෙන් ජිවත් වෙනවා කියලා.මොන පට්‌ට පල් බොරුවක්‌ද.එකාට එකා කොයිතරම් වෙනස්‌ වුනත්,ඔය හැමොම කැමති එකට ජිවත් වෙන්න.සැප දුක කවුරු හරි එක්‌ක බෙදා ගන්න.ඒ ඇයි කියලා දන්නවද, මොකද අපි හැමෝම "මිනිස්‌සු" නිසා.

Monday, August 29, 2011

ආයුබෝවන්...!

                                                        ඔන්න ඉතින් මත් බ්ලොග් ලියන්න පටන් ගත්තා.මාත් අවුරුදු ගානක ඉඳලා ලොකු ආසාවකින් හිටියෙ බ්ලොග් ලියන්න.මම හිතනවා අද මගේ හීනයක්‌ හැබැ වුනා කියලා.මම මේ බ්ලොග් එකෙන් මගේ ජිවිතයේ සතුටු හා දුක්‌ වුනු තැන් ඔයාලත් එක්‌ක බෙදා ගන්න හිතුවා.

මටත් ඉතින් බ්ලොග් ලියන්න අවසර ද?