Pages

ජීවන සංසාරයෙන් බිදක්‌...

Thursday, September 1, 2011

ඇත්තම යාලුවෝ කියන්නෙ කවුද?




ජීවිතය නැමති චාරිකාවේ
ඔයාට හමුවෙන මිනිස්‌සු............
ඔයාගෙන් ගොඩක්‌ දේවල් බලාපොරොත්තු වෙනවා
නමුත්.......
සමහර මෝඩයෝ
ඔයාගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ
ඒ මොකද දන්නවද
එයාලා තමයි ඔයාගේ
ඇත්තම යාලුවෝ....................!


                                                                            යාලුවෝ කියන්නෙ අපේ ජීවිතයට වඩාත්ම සමීප අය.අපේ ජීවිතයට ගොඩක්‌ යාලුවෝ සමීප වෙන්නෙ පාසල් කාලයේදි.සමහර වෙලාවට අපිට අම්මා තාත්තටත් කියන්න බැරි දේවල අපි අපේ යාලුවන්ට කියනවා.අපිට යාලුවන්ට කියන්න බැරි දේකුත් නෑ.කෙල්ලෙක්‌ එක්‌ක යාලු වුනත්, කෙල්ල බූට්‌ එක තිබ්බත් මුලින්ම අපි කියන්නෙ යාලුවන්ට.මෙතනදි යාලුකමට ගැහැනු පිරිමි බේදයක්‌ නැ,අපේ යාලුවෝ ගැහැනු අය වෙන්නත් පුලුවන් පිරිමි අය වෙන්නත් පුලුවන්.ඒත් ඔය අතරේ යාලුවෝ වගේ අපේ ජීවිතයට නරක කරන පිරිසකුත් ඉන්නවා .ඒ අය හැම වෙලාවේම කරන්නෙ අපිට වල කපන එක.එහෙම යාලුවෝ අපේ සතුටේදි ඉදලා දුකේදි පැනලා යනවා.Facebook එකෙත් ඒ වගේ අය ඉන්නවා.හැබැයි හැමෝම ඒ වගේ නැ,ටික දෙනෙක්‌ තමා.එහෙම යාලුවන්ට කොහොම පන දීගේන හිටියත් වැඩක්‌ නෑ.ඒත් අපි දැනගන්න ඔනි හොඳ යාලුවොයි නරක යාලුවොයි අදුර ගන්න.යාලුකමක්‌ ඇති කරගන්න ඉස්‌සෙල්ලා අපි දෙපාරක්‌ හිතන්න ඔනි.මොකද මට යාලුවන් නිසා ලැබුනු දේවල් පොඩ්ඩයි අහිමි වුනු දේවල් ගොඩයි.

No comments:

Post a Comment